ප්‍රේමයනම්,රූකඩ පැංචි වැනි සිනමාවට ගෙනආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය 2026 වසරේ ජනවාරි 02 වනදා සිට EAP සිනමා මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතය.
රංගනයෙන් මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම චිත්රපයේ රංගනයෙන් එක්වෙති.
හෙළ සිනමාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා මහත්මිය අවසන් වරට රගපෑ චිත්‍රපටයද මෙය වන අතර ඇය තම පරම්පරාවේ දෙදනකු සමඟ රංගනයෙන් එක්වූ ප්‍රථම චිත්‍රපටයද මෙයයි.
වෛද්‍ය ලක්ෂ්මන් මාකදුර සහ කුලරත්න ආරියවංශ විසින් නිෂ්පාදනය කළ මලකි දුවේ නුඹ ජනවාරි 02 සිට සිරිලක සිනමා අඹරේ පිපෙයි.