සමලිංගික විවාහ නීතිගත කළ දෙවැනි ආසියාතික රට බවට පත්වෙමින් නේපාලයේ පළමු සමලිංගික විවාහය පසුගියදා ලියාපදිංචි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සමලිංගික, ද්විලිංගික හා ලිංගික විපර්යාසවලට ලක් වූවන් සඳහා වන LGBT අයිතිවාසිකම් සඳහා වූ ජයග්‍රහණයක් ලෙස මේ විවාහය එරට සමාජ ක්‍රියාකාරින් පැසසුමට ලක් කර ඇතැයි ද වාර්තා වේ.
නේපාලයේ බටහිර ලුම්ජුං දිස්ත්‍රික්කයේදී මේ විවාහ ලියාපදිංචිය සිදු කර ඇත්තේ 36 හැවිරිදි මායා ගුරුං සහ 27 හැවිරිදි සුරේන්ද්‍ර පාණ්ඩේ නමැති යුවළක් අතර බව ද වාර්තා වේ. එම විවාහය සිදු වූයේ පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික විවාහ සඳහා අවසර ලබා දීමට පියවර ගැනීමෙන් පසුවය.
එම විවාහයේ මනාලිය වන මායා ගුරුං ලිංගික විපර්යාසයට ලක් වූවද පිරිමියකු බවට වන ඇගේ ලිපි ලේඛන වෙනස් කර නැති අතර, මනාලයා වන පාණ්ඩේ උත්පත්තියෙන්ම පිරිමියකු වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.