6
වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ නීරා සිනමාපටය විජයග්‍රාහී දින 50 පසු කරමින් සාර්ථකව තිරගත වේ. මේ වනවිට එහි ආදායම කෝටි 20 පසු කර තිබේ.
දින 50ක් තුළ Romantic වර්ගීකරණයේ ශ්‍රී ලාංකීය සිනමාපටයක් වාර්තා කළ ඉහළම ආදායම වන්නේ ද මෙයයි. අද වනවිට, ලක්ෂ 4කට ආසන්න රසිකයින් සංඛ්‍යාවක් නීරා සිනමාපටය නරඹා තිබේ.
ශනුද්‍රි ප්‍රියසාද් – සෙනිත් ගජධීර – කසුනි කාවින්දිගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන නීරා සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සාරංග පෙරේරා විසිනි.
ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින් නීරා චිත්‍රපටය නිෂ්පාදනය කරයි.
