හිරුෂි වසුන්දරා කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය නිළි තාරුකාවක්.පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ජනප්‍රියත්වයට පත් ඈ ටීචර් අම්මා හි සයොනාරා මිස් ලෙසත් ජනප්‍රියයි.
පසුගියදා ඇය නීතිවේදී උපාධිය ලබා ගත්තා.
අධ්‍යාපන කටයුතු නිසා නිහඬ වූ ඇය එම තාවකාලික නිහඬතාව බිඳ නැවත තිරයට එන්න සූදානම් බවයි ආරංචි ..
නීතිවේදී උපාධිය ලබා ගත් ඇයට moonline සුබපැතුම්
නීතිවේදී උපාධිය ලබා ඈ මෙසේ තම ෆේස් බුක් පිටුවෙහි සටහනක් තබා තිබුණා

“𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞 𝐈𝐧 𝐋𝐚𝐰𝐬”
වසුන්දරා, ඔයා හරිම වාසනාවන්තයි..
ඔව්! දකින හීන දවල් හීන නොවී දිනන හීන කරගන්න ලැබීම වාසනාවක් තමයි.. හැබැයි ඒ වාසනාව මගේ කරගන්න, තදින් අල්ලගන්න, හීන පස්සෙ දුවන්න කොයිතරම් කැපකිරීම් කළාද දන්නෙ මමයි මගේ ළඟ හිටිය අයයි..
හීන දිනන්න ආසාව ඉපදෙන්නෙ ශිෂ්‍යත්වයෙන් පාසලේ පළවෙනියා වුණු දවසේ.. කාලයත් එක්ක ඒ ආසාව කථික – භාෂා – කලා – ක්‍රීඩා තරඟ දිනලා සම්මාන සහතික පොදි ගහගැනීමේ ඇබ්බැහියක් වුණා..
පාසල් නිවේදන කටයුතු වලට මුලින්ම සම්බන්ධ වුණු දවස, පාසලේ නිල දුරකථන සේවයට හඬ දායකත්වය ලබා දුන් දවස, මුලින්ම කථික තරඟයක ජයග්‍රහණය ලබපු දවස, විවාද කණ්ඩායම ජයග්‍රහණය ලබපු දවස, රත්නාවලී බාලිකාවේ උපප්‍රධාන ශිෂ්‍යනායිකාවක ලෙස ගතකළ කාලය වගේම මුලින්ම සිරස “පුංචි පැංචි” වැඩසටහන ඉදිරිපත් කරපු දවස මගේ හඬ ගැන, කතා විලාශය ගැන මගේ විශ්වාසය දවස ගානේ වැඩි කළා.. කළු ලෝගුවෙන් ගාම්භීර පෙනුමෙන් ගම්පහ උසාවි පරිශ්‍රයේ දකින නීතිඥවරයන් නීතිඥවරියන් මට අලුත් හීනයක් සමීප කරන්න පටන් ගත්තා.
ඒ මාවතේ පළමු පියවර විදිහට අද නීතිවේදී සිහිනය සැබෑවක් වෙන මොහොතේ ඒ හීනයට පණදුන්න හැමෝම ගැන බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා..

මගේ ශක්තිය මගෙ අම්මා.. මගේ තාත්තා.. මගෙ පුංචි පවුල!
මේ ඔයාලාගේ හීනෙ.. අද මට වඩා මං වෙනුවෙන් සතුටු වෙන කෙනෙක් ඉන්නවනම් ඒ ඔයාලා තමයි. කඩාවැටෙන හිත හයියෙන්ම අල්ලන් හිටියට අනේකවාරයක් පින්! ඔයාලා මං වෙනුවෙන් කරපු හැම කැපවීමක් ම දරාගැනීමක් ම වෙනුවෙන් මේ ජය සැනසීමක් ම වේවා..
නීතිවේදී හීනය දැකපු දරුවෙක්ගෙ හීනය හැබෑ කරලා දුන්න විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ සනත් සර්, රුචිර සර්, රුවන්තිකා මැඩම් ඇතුළු දයාබර ආචාර්ය මණ්ඩලයටත් කසුන් සර්, සුපුන් සර්, දිලීප සර් ඇතුළු සියලු ගුරුමව්පියන්ට හිතපුරාම ස්තුතියි!
නීතිවේදී උපාධි අධ්‍යාපනය ලද වසර ගණන පුරාවට කලා කටයුතුවලදි මගේ විභාග, දේශන, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙලාව වෙන්කරලා දුන්න.. පහසුකම් සලසලා දුන්න, ධෛර්යය ලබාදුන්න සියලු දෙනාටම ස්තුතියි!
මගේ හෙවණැල්ල ඉරේෂා අක්කා.. අත්හරින්න, නවතින්න හිතුන.. රිදුන, බිඳුන හැම අවස්ථාවකම හිතේ හයිය වුණ, රංගන කටයුතු කලා කටයුතු නිසා මඟහැරෙන පාඩම් මට වඩා උනන්දුවෙන් මං වෙනුවෙන් පිළියෙල කරපු ඔයත් එක්කම අද මේ ජයග්‍රහණයේ හැඟීම විඳින්න ලැබුණ එක තමයි ලොකුම සතුට. So happy that we finally made it together🤗🥳
එකම අරමුණක් කරා යන ගමනේදී මුණගැසුණු ජ්‍යෙෂ්ඨ සහෝදර මඟපෙන්වීමට බොහොමත්ම ස්තුතියි! අද එක්ව සතුට සමරන හිතාදර නීති ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ සහයෝගයට ස්තුතියි වගේම සුබ පැතුම්!! නිදහස් අධ්‍යාපනයට ජය !!!
කටුක වසර ගණනක දීර්ඝ ගමනකදී වචනයකින් – සිතුවිල්ලකින් හරි බලාපොරොත්තුවක් එකතු කළ හිතවතුන්ට ස්තුතියි… ගමනක අවසානය මෙය නොවුණත් මේ සන්ධිස්ථානය හරි සුන්දරයි…
කලාවටත් අධ්‍යාපනයටත් හරි හරියට ආදරේ බෙදනකොට ලෝබ නැතුව පෙරළා මගේ ජීවිතේට මේ ක්ෂේත්රයන් දෙකෙන්ම මහ හුඟක් දේ තෑගි ලැබුණා.. දන්න – නොදන්න ඔයාලා අද ඒ සතුට සමරන්න වචනයකින් පවා එකතු කරන සුබපැතුම්, දිරිගැන්වීම්, සතුට පළකිරීම් ආදරෙන් වැළඳගන්නම්!
මම හරි ආදරේ කරන – මගේ සුන්දර වසුන්දරා,
හරියටම කිව්වොත් #නීතිවේදී_හිරුෂි_වසුන්දරා,
මේ තෑගි දෝත දරාගෙන අපි ඊළඟ හීනෙට යං…. ♥️
