35
මම විවාහ වෙලා ගෙවන දෙවැනි අලුත් අවුරුද්ද මේ. ඉතින් මේ වසරේ අපි දෙන්නා සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වසරේ මවක් වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සෑම දෙයක්ම අපේ වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ සෑම දෙයක්ම ස්වභාවදහමට අනුවයි සිදුවන්නේ කියලා මම විශ්වාස කරන කෙනෙක්. මගේ ජීවිතයේ කිසිම කලබලයක් නැහැ. පිරුණු කෙනෙක් ලෙස සතුටින් ජීවිතය දෙස බලමින්, මගේ රංගන කටයුතුත් කරගෙන, අනෙක් සෑම දෙනාටම හැකි පමණින් උදවු උපකාර කරමින් ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම උදාවන නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා.
