අමන්දා ඩයස් කියන්නේ නිරුපන ක්ශේත්‍රයේ වගේම නර්තන ,රංගන ක්ශේත්‍රයේත් දසකම් පෑ සුරූපිනියක්.ඈ පළමු වරට දායක වූ ශෙලීනා චිත්රපටයෙහි රංගනය වෙනුවෙන් අමන්දා 2020 වසරේ නැගී එන නිළිය ලෙසටත් ජනාධිපති සම්මානය ලබා ගත්තා.
මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙන අලංකාර ඡායාරූප නිසාත් අමන්දා වෙනදාට වඩා දැන් ජනප්‍රියයි.
පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් ඇය තම පවුල් ජීවිතය පිළිබඳ මෙසේ කියා තිබුණා
ඔහු ඩයස් වනිගසේකර. වෘත්තියෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ.විවාහ වුණා කියලා මට එයාගෙන්වත් මගෙන් එයාටවත් පීඩනයක් නැහැ. දෙන්නම හරිම ආදරෙන් ඉන්නවා. වැඩක් කරන්න ගියත් එයා මම කරනකම් බලන් ඉන්නේ නැහැ. මමත් එයා කරනකම් බලන් ඉන්නේ නැහැ. අපි දෙන්නට දෙන්නා සහයෝගයෙන් වැඩ කර ගන්නේ. ඒ නිසා තනිකඩ ජීවිතේ සහ විවාහ ජීවිතේ කියලා ලොකු වෙනසක් නැහැ. අපේ ජීවිතේ හරිම සැහැල්ලුයි.
එයත් කඩවසම්, මොඩ්ල් ක්ෂේත්රයට එයිද?
එයාට ආරාධනා ලැබෙනවා. එයා ටිකක් ලැජ්ජයි. ඒ නිසා ඒ දේවල් කරන්න ලොකු කැමැත්තක් නැහැ.
Hair and makeup – Harshana Kasun Senanayaka
Photography -Yoshitha Liyanag
Planner- Bulathsinghala Nalinda
