* ඇට ඉවත් කරගත් වරකා මඳුළු ග්රෑම් 500ක්
* රටඉඳි ග්රෑම් 500ක්
* සීනි ග්රෑම් 500ක්
* යීස්ට් ග්රෑම් 50ක්
* වතුර ලීටර් 3ක්
* කුරුඳු පොතු ග්රෑම් 30ක්
* එනසාල් ග්රෑම් 30ක්
* ස්ටාර් අනිශ් (සුපිරි වෙළෙඳසැලින් ලබාගත හැකියි) 02ක්
වරකා වතුර සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එනසාල්, කුරුඳු පොතු, ස්ටාර් අනිශ් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු බ්ලෙන්ඩ් කරගත් වරකා මිශ්රණය ළිපේ මඳගින්නේ පැයක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසු එම මිශ්රණයට සීනි එකතු කරගන්න. එය නිවෙන්නට හැර එයට යීස්ට් එකතු කරගන්න. එය හොඳින් කලවම්කර ගන්න. පසුව හොඳ මැටි භාජනයක් ගෙන කලවම්කර ගන්නා ලද මිශ්රණය දමා එය උඩින් පොලිතින් ආවරණයකින් කට වසා මාසයක් පමණ තබන්න. වයින් එකක් රස වෙන්නේ අපි එය බොහෝ කලක් පල් වෙන්නට තැබීමෙන් පසුය. ඔබට එය අවුරුද්දක් දෙකක් පල් කිරීමට වුවද පුළුවන්වන අතර එවිට වයින් එක හොඳ ප්රමිතියකින් සහ පැහැයකින් යුක්ත වේ.