
Anushki සහ Kanushki කි
යමු බලන්න ඔයලා දෙන්නා ගැන?
මගේ නම අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර, මට බොහෝ දෙනා “අනූ” කියලා තමයි
කතා කරන්නේ.මම කනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර, මට බොහෝ දෙනා “කනූ” කියලා තමයි කතා කරන්නේ, “අනූ” සහ “කනූ” හැදුනේ මෙහෙමයි .
පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු බිදක්?
පෞද්ගලික ජීවිතය ගැන කතා කලොත්, අප දෙදෙනාටම තව වැඩිමහල් සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා.අපේ පවුලේ ගැහැණු ළමයින්ම හයක් ඉන්නවා.අම්මා තමයි අපි සියළු දෙනාගේම භාරකාරයා තමයි අපේ අම්මා, අපි දෙදෙනා පුංචි වයසේදීම තමයි අපේ තාත්තා නැති වුනේ. එවගේම දැන් අපේ පවුලට තවත් අළුතින් පුංචි සමාජිකයන් හතර දෙනෙක් තවත් එකතු වුනා. භූමීක, යුනාල්,රුවි, ලිනාරා ඉතින් මේ හැමෝමත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ.
නර්තනයෙන් ඔබ දෙදෙනා දැන්නම් ඉදිරියටම ගිහිල්ලායි තියෙන්නේ ඒ ගැන?
ඇත්තටම නර්තනය කියන්නේ අපි දෙදෙනාගේ ජීවිතයට ලැබුනු ලොකුම ආශිර්වාදයක් කියලා කියන්න පුළුවන්.අපි දෙදෙනාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය තමයි නර්තන කලාව.පුංචි වයසේ ඉදලම තමයි අපි නර්තනය හැදැරුවේ. රංගන ක්ෂේත්රයට ආවත්, අප දෙදෙනා තුළ ඇති නර්තන හැකියාවම තමයි ඉදිරියට එන්න මග පෑදුවේ. තවමත් අප දෙදෙ
නා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් තමයි ඉන්නේ. තවත් නර්තන හැකියාවෙන් ඉදිරියට යන්න හිතනවා වගේම අප දෙදෙනාටම අනිවාර්යයෙන්ම නර්තනයෙන් ඉදිරියටම යන්න පුළුවන් කියන දේ තරයේ විශ්වාස කරනවා.
ජිවිතයේ කවුරුන් හෝ මේන් අයිකන් එකක් විදිහට ඔබ දෙදෙනා ෆලෝ අප් කරනවාද?
අපේ ජීවිතයේ අපි අනුගමනය කරන එකම චරිතය අපේ අම්මා. අපේ තාත්තා අපි ඉතාමත් කුඩා වයසේදීම තමයි මිය යන්නේ. ඒ කාලයේදී අපේ අම්මා ඉතාමත් තරුණ අවදියේ හිටපු කාලයක්, ඒ වෙද්දීම දරුවන් සය දෙනෙකුගේ බර කරට අරන් අම්මත් ආරක්ෂා වෙලා, ආත්ම ගෞරවයත් රැකගෙන, එන ප්‍රශ්න වලටත් මුහුණ දීලා, ඒවා දරා ගත්තු විදිය අපි කුඩා කාලයේදීම දැක්කා. ඇය සතුව තිබෙන දරා ගැනීමේ ශක්තිය, ආදරණීය බව, කරුණාව, දයාව,තේරුම් ගැනීම මේ සියළුම ගුණාංග අපේ අම්මා සතුයි. අපේ අම්මා ඇත්තෙන්ම කිව්වොත් විශ්ව විද්‍යාලයක්. ඉතින් ඒනිසාම මොන ප්‍රශ්නයක් ආවත්, වැරදී කටකතා ඒවැනි දේවල් ජීවිතයට බාධාවක් කර ගන්නේ නැතිව නොසැලී , දරා ගන්නේ, අපේ අම්මාව අපි දෙදෙනා ෆලෝ අප් කරන නිසයි.
මෙතනට එන්න තිබුණු බාධා නම් එමටයි නේද? ඉතින්
ඒ ගැන මතකය අවදි කලොත්,
බාධා ගැන කතා කලොත්, ඇත්තටම අපි රංගන ක්ෂේත්රයට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක්. අවුරුදු දෙකක්/ දෙකහාමාරක් කියලා කියන්න පුළුවන්. අවුරුදු 23 ක් වගේ අඩු කාලයකදී රංගනයට අපිට එන්න පුළුවන් වුනු එක අපේ ජීවිත වලට හොද වටිනාකමක් වගේම, හොද ඇගයිමක් තමයි රංගනය. රංගනය අපට ඉතාමත් අහඹු සිදුවීමක් වගේම හොද තෝතැන්නක් අපිට ලැබුනු වාසනාවක් වගේම අපේ හැකියාව නිසාමත් වෙන්න පුළුවන්. නර්තනයට තමයි කුඩා කාලයේ ඉදලම අපි දෙදෙනාගේ ලොකු කැමැත්තක් තිබුණේ. අපිට ඕනා වුනා ලංකාව තුළ අනූ- කනූ කියලා මේන් අයිකන් එකක් ගොඩ නගන්නේ කියලා, කර්තක ශිල්පීනියන් ලෙස ගොඩ නැගෙන්නේ කොහොමද? අපිට සහෝදරියන් හතරදෙනෙක්, ඉන්නවා අප දෙදෙනාත් එක්ක සය දෙනෙක්ගේ බර කරට අරන් අම්මා තමයි අප සියලු දෙනාවම බලා ගන්නේ. රංගන ක්ෂේත්රය තුළ හෝ වේවා, නර්තනය තුළ හෝ වේවා වැඩකටයුතු කරගෙ
න යන විටදී තාත්තා කෙනෙකුගේ, සහෝදරයකුගේ අඩුව අපට හොදටම දැනෙනවා. ඔහු හිටියා නම් අපිට හොද ශක්තියක්.ලොකු බාධා නම් ආවේ නැහැ අප දෙදෙනාටම. ඒවා ඕනෑම ක්ෂේත්රයකට පොදුයි. රංගන ජීවිතයෙන් පිටතදී නම් අප දෙදෙනාටම පැමිණි බාධා එමටයි.විශේෂයෙන්ම සෝෂල් මිඩීයා හරහා පැමිණි මඞ ප්‍රහාර, බොරු කටකතා නිසා සිත් රිදීම් ඇති වුනු අවස්ථා බොහොමයි. යථාර්ථයට මුහුණ දුන්නාම අපට හැගෙන දෙයක් තමයි, ක්ෂේත්රයට අළුතින් පැමිණෙන ඕනෑම නවක රංගන ශිල්පීනියකට හෝ ශිල්පියෙකුට සෝෂල් මිඩීයා හරහා යම් මට්ටමක Gossip ඇති වෙනවා කියන එක.
වර්තමානයේ ටික්-ටොක් ප්ලැට්ෆෝම් එක ගැන මොනවාද හිතෙන්නේ?
ටික්-ටොක් ප්ලැට්ෆෝම් එක ගැන කතා කලොත්, 2016 ඉදලා තමයි ටික්- ටොක් භාවිතය පටන් ගන්නේ. 2023 වෙද්දී, බිලියනයකටත් වඩා අධික වැඩි ඇක්ටිව් විවස්ලා මේ App එකත් එක්ක එකතු වෙලා ඉන්නවා.
අපිට දැනෙන විදියට ඉතාමත් කෙටි කාලයකදී ලොකු පණිවිඩයක් සමාජයට මුදා හරින හොද ප්ලැට්ෆෝම් එකක් තමයි ටික්- ටොක් කියලා කියන්නේ. මේ සදහා ලොකු නැඔුරුතාවයක් තියෙනවා මුලු ලෝකය තුලම.මෙහි වාසි ගැන කතා කලොත්, මේ හරහා තමන්ගේම කියලා ව්‍යාපාරයක් වැඩිදියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා.අපිට සීට පෙරදී නම් විශාල ආයෝජනයක්, කාලයක් අවශ්‍යයි ව්‍යාපාරයක් පටන් ගන්න. නමුත් දැන් දැන් සමාජ මාධ්‍ය වල දියුණුවත් සමගම ව්‍යාපාර වලට ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමට පුළුවන් හැකියාවද සතු වෙනවා. යුරෝපීය රටවල නම් Tik- Tok, මොනිටයිටේෂන් විවෘත වෙලා තියෙන්නේ. එ තුලින් ඉහල අදායමක් ලබන අතර ලංකාව තුලද මෙය ව්‍යාප්ත වීමට නියමිතව තියෙනවා. මෙහ ප්‍රතිඵලයක් ලෙස ටික්-ටොක් භාවිතාය තවදුරටත් ඉහල යාමේ හැකියාවක් තියෙනවා.
ඔබ දෙදෙනාම comments වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මෙහෙමයි! හොද වගේම නරක ප්‍රතිචාර එනවා. ඒ දෙකම අපි සි
නාමුසු මුහුණින්, ධනාත්මක ලෙස බාර ගන්නවා. ජීවිතයට ගන්න පුළුවන් කුමක් හෝ තිබේ නම් ඒවා ආදරයෙන්, සතුටින් බාර ගන්නවා.නරක ප්‍රතිචාර වලිනුත් ජීවිතයට ලබා ගන්න පුළුවන් ඒවා ගන්නවා. සිත් රිදීම් ඉවත් කරගෙන ඕනෑම ප්‍රතිචාරයකට මුහුණ දෙනවා.
ඔබ දෙදෙනාව පැටලෙනවාද?
පැටලෙනවා කියන්නේ.ඉපදුනු දා ඉදලා බෙහෝ දෙනාගේ ප්‍රශ්නයක් වුනේ අනූ කව්ද? කනූ කව්ද කියලයි. අක්කාවයි, නංගිවයි හොයා ගන්නේ කොහොමද කියන දේ තමයි බොහෝ වේලාවට මුහුණ දෙන ප්රශ්නය වන්නේ. ඇත්තෙන්ම පැටලෙන අවස්ථා බොහොමයක් තියෙනවා. පවුලේ අයට, ලගම යහළුවන්ට පැටලෙන අවස්ථා නම් ඉතාමත් අඩුයි. සමස්තයක් විදිහට එකවර අපි දෙදෙනාව දැක්කම, අදුන ගත්ත බොහෝ අයට අමාරුයි.
ඩාන්සින් කවර්ස් ගැන සමාන්‍ය ජනතාව තුළ තිබෙන මතය මොනවාගේ ද?
ඩාන්සින් කවර්ස් වලට සමාජය තුළ හොද මතයක් තමයි තියෙන්නේ. ඒසදහා බොහෝ දෙනාගේ හොද කැමැත්තක් , ආකර්ෂණීයක් තියෙනවා. ඒනිසාම තමයි යුටියුබ් නාලිකා ව
ල මේ තරම්ම නර්තන ශිල්පය හැදැරූ සහ හැදෑරීමක් නොකල අයත් තමා සතු හැකියාව භාවිතා කරලා ඩාන්සින් කවර්ස් කරනවා. මේ හේතුව නිසා මම ඩාන්සින් කවර්ස් වලට හොද දැක්මක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.
ඔබ දෙදෙනා බොහෝ වේලාවට එකම ඇදුම් මොස්තරය නේද යොදා ගන්නේ? ඇදුම් සපයා ගන්නේ කොහොමද?
අපි දෙන්නා කුඩා කාලයේ සිටම, අපේ සහෝදරියන්, විශේෂයෙන්ම අපේ අම්මා, එකම මෝස්තර තියෙන ඇදුම තමයි පුරුදු කරලා තියෙන්නේ, ඕනෑම ඇදුම් සාප්පුවකට ගියත් එකම වර්ගයේ ඇදුම් තමයි අප දෙදෙනාම තෝරා ගන්නේ.
ඉදිරි බලාපොරොත්තු හා සැලසුම් මොනවාද?
දැනට අප දෙදෙනා නියැලී සිටින රංගන සහ නර්තනය ප්
රතිපත්තියක් ඇතිව, සමාජයේ සුබදායි ලෙස ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා, සැහැල්ලු, මානසික නිදහසක් සහිතව ඉන්න තමයි අපි කැමති. ඒ වගේම රංගනයෙන් සහ නර්තනයෙන් ඉහල යන්නත්, ඒ තුලින් අප සතුව තිබෙන දක්ෂතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ දෙදෙනාගේ විවාහය කොහොම වෙයිද?
විවාහය, මෙහෙමයි, අපේ අම්මා දරුවන් සය දෙනෙකුගේ බර කරට අරන් හැදුවේ. ඉතින් අපි ඒ දේවල් ජීවිතයට හොද අත්දැකීම් බවට පත් කර ගත්තා. ඒවගේම අරපිරිමැස්මයි, වේදනාව,
දුක කියන දේවල් තනිවම විද දරාගෙන ජීවත් වෙන්න හොද ආත්ම ශක්තියක් ඕනා. ඒකට හොදම උදාහරණය තමයි අපේ අම්මා. ඒවගේම ස්වාමිපුරුෂයකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ සාර්ථකත්වය/ ස්ථාවරය, මිල මුදල්ම නෙවෙයි ජීවිතය කියන්නේ. ඒව
ගේම උගත් කම, කාන්තාවකට ගරු කල යුත්තේ කොහොමද? දෙමාපියන්ට ගරු කරන කෙනෙක්ද? මේ වගේ ගුණාංග තමයි අපි ආදරයකදී බලාපොරොත්තු වෙන්නේ, බොරු මවා පෑම් වලට නම් කැමතිම නැහැ.
ෂමිලා ප්‍රසංගනී ප්‍රනාන්දු
Photography- Bhumi WickramasinghePhotography