සුබ දවසක්! රීනා, මේ දවස්වල වල නම් ඔබ ඉතාමත් කාර්යබහුලයි, එහෙම නේද?
මේ දවස්වල මම කොඩි ගහ යට ටෙලිනාට්‍යයත් එක්ක හොදටම කාර්යබහුල වෙලා ඉන්නේ. කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුනා. දැන් ඉදිරියට එන වැඩ තෝරා බේරා ගෙන කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැනට මම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒවගේම awareness programs වලට දායකත්වය ලබා දෙමින් සිටිනවා. තවද රිදී තීරයේ වැඩ වලට දායක වෙලා ඉන්නවා. තවත් වැදගත් දෙයක් තියෙනවා සදහන් කරන්න, LGBTQ plus ප්‍රජාව වෙනුවෙන් සමාජ සේවිකාවන් විදිහට කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්. මම ඒ අවසථාවෙන් උපරීම ප්‍රයෝජන අරගමිනුයි දැන් ඉන්නේ.
කොඩි ගහ යට ෂානී නොහොත් ෂා, ගේ චරිතය ගැන කතා කලොත්, කොහොමද ඔබට මේ චරිතය ලැබෙන්නේ?
ෂානී කියන්නේ කවදාවත් ජිවිතයේ ආදරයක් නොලැබුණු මිනිසුන්ගේ සෙල්ලම් බෝනික්කෙක් බවට පත්වුනු, අවාසනාවන්ත ලෙස ප්‍රශ්න රැසකට මුහුණ දුන්නු සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාව නියෝජනය කරන චරිතයක් කියලා කියන්න පුළුවන්. තවද, සමාජයේ තාඩන-පීඩන මැද, ජිවිතය කොහොමහරි ඉදිරියට ගෙන යන්න වෙර දරණ කාන්තාවක් කියලා කියන්න පුළුවන්. සමාජයේ මිනිසුන් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කර ගන්න පිරිමියා විසින් ගැහැණියව ප්‍රයෝජන ගන්නා අකාරය මනාව ප්‍රේක්ෂකයාට පෙන්නුම් කරන චරිතයක් කියලා තව දුරටත් කියන්න පුළුවන්. මේ චරිතය මට ලැබෙන්නේ අලෝක සම්පත් කියන මහත්තයා මාර්ගයෙන්, ඔහු තමයි මාව ජගත් මනුවර්ණ සර්ට මුණගස්වන්නේ. ඒ විදිහට තමයි මට මේ චරිතය ලැබෙන්නේ.
ඔබගේ පෞද්ගලික ජිවිතයේ විස්තර ගැන කතා කලොත්………
මම ඉපදුනේ හැදුනේ වැඩුනේ ගල්කිස්ස කියන නගරයේ. මට අයියා, නංගී සහ දෙමාපියන් සිටිනවා. කුඩා කාලයේ සිටම මා සතුව තිබුණු හීන,බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට කරගෙන අද වනවිට මුළු සමාජයක බැබලෙන තාරකාවක් බවට පත් වෙලා ඉන්නවා. මට අහම්බෙන් ලැබුනු අවස්ථාව මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වුනා. ඉතින් අද වන විට මම ලංකාවේ නිළියක් විදිහට සිනමාවට සම්බන්ධ වීම මා ලැබූ ලොකුම ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්.
Trans gender සංකල්පය ගැන කතා කිරීමේදි බොහොමයක් දෙනා විවිධාකාර මතභේද ප්‍රකාශ කරනවා, මෙවැනි ප්රශ්නගැන සුබවාදීව සමාජගත කරන්න බැරිද?
Trans gender කියන්නේ අපි ඕනෑම කෙනෙකුට ඉපදෙන විට අපට පවරපු gender එක වැරදිලා අපි පසු කාලෙකදී අපට උරුම වුනු gender එකට යාම තමයි trans gender කියලා කියන්නේ. මෙවැනි මතෘකා ගැන කතා කිරීමේදි වචන ගැන මනා අවබෝධයක් වගේම ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එනම්, trans gender පුද්ගලයන් ගැන තිබෙන වැරදි මතයන් බොහෝ දුරට නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන විදිහට trans gender පුද්ගලයව සමාජගත කරන අවස්ථාවේදී ඔවුන් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. මේ දවස්වල අපි මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර ඉන් එක් පිළියමක් විදිහට පාසැල් අධ්‍යාපන පද්ධතියට sex education කියන සංකල්පය එකතු කල යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සමාජයේ සිටින සියළුම පුද්ගලයින් කොන් කිරීමකින් තොරව නිදහස් ජිවිතයක් ගත කිරීමට සෑම පුරවැසියකුටම ඒ හිමි විය යුතු සෑම අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුයි.
තවද, මොවුන් හට මානසික රෝගීන් බවට අර්ථකථනය කිරීම වැළැක්විය යුතුයි. මම අද දකිනවා ජිවිතයේ ඉහළම නාමයක් දිනපු පුද්ගලයන් තමන්ගේ sexual orientation එක මුළු රටක් ඉදිරියේ ප්‍රකාශ කිරීමට සමත් වෙලා තියෙනවා. ඔවුන්ගෙන් සමහර පිරිස් වෛද්‍යවරුන්, නීතිඥයින්, කථිකාචාර්යවරුන්, ඒ වගේම සමාජයේ පිළිගත් ඉහළම රැකියා ස්ථර වල ඉහළ නිළතල දරන පුද්ගලයන්, උපාධිධාරීන් සිටිනවා. මගේ පෞද්ගලික මතය තමයි ඔවුන්ට මෙවැනි උසස් සමාජ ස්ථර ලබා ගැනීමට ඇත්තෙන්ම පුළුවන්ද ඔවුන් මානසීක රෝගීන් නම්, ඒක මට ප්රශ්නාන්තයක්!!!!! මම කියන්නේ ශ්‍රීලංකාව තුළ ජීවත් වන සෑම පුරවැසියකුම අයිතියක් තියෙනවා නිදහසේ තමාගේ ජීවිතය පවත්වාගෙන යන්න. ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අපි හඩක් නගනවා, කතා කරනවා
සංක්‍රාන්ති ලිංගික විපර්යාසයට ලක්වු පුද්ගලයකු සමාජ ගත විමේදී, සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර බොහොමයක් අයහපත් නේද?
මම මේ ප්‍රශ්නයට මෙහෙම පිළිතුරු දෙන්නම්. අයහපත් ප්‍රතිචාර සියල්ලක්ම හිතා ගැනීමට ඉතාමත් අසීරු ප්‍රතිචාර කියලා කියන්න පුළුවන්. නමුත් බහුතර ප්‍රතිචාර අයහපත් නොවන බව කිව යුතුයි. මන්ද, trans gender කෙනෙක් සමාජයේ පිවිතුරුව, අලංකාරව ජිවත් වෙනවා දැක්කම, සමාජයේ යහපත් ප්‍රතිචාර තමයි හුගාක් ලැබෙන්නේ. හොද සහ නරක ඕනෑම ප්‍රතිචාරයක් බාර ගන්නවා. නමුත් බොහෝ ප්‍රතිචාර හොද ප්‍රතිචාර කියලා කියන්න පුළුවන්. තව දෙයක් සදහන් කරන්න ඕනා, සංස්කෘතිය කියන රාමුවකට කොටු වෙලා , එහිදී සිදුවන දුෂණ, වංචා ප්‍රේක්ෂක ඔබ දන්නවා. මම පුද්ගලයකු වශයෙන් ධනාත්මකව සිතන කෙනෙක්. මන්ද, බුදුරජාණන් වහන්සේටත් නින්දා සහ අපහස, ගල් පෙරලපු පුද්ගලයන්ට අපි කව්ද කියන එක, ඉතින් මම positive side එකම focus කරගෙන තමයි ජිවත් වෙන්නේ.
ඔබ ජිවිතයේ දෙවරක් ඉපදුනා කීවොත් මම නිවැරදියි. කොහොමද ඔබට ඒ ගැන දැනෙන හැගීම?
ඇත්තටම ඒ ප්රශ්නය නිවැරදියි කියලා කියන්න පුළුවන්. මගේ පවුල, යහළුවන්, සමාජය මම පිරිමි ළමයෙක් කියලා හිතාගෙන හිටපු මගේ වැරදි gender එක ඉවත් කරලා මම කාන්තාවක් කියන නිවැරදි අනන්‍යතාවයට ඇවිල්ලා, අනික් සියළුම දෙනාත් මාව කාන්තාවක් ලෙස පිළිගන්න එක නැවතත් මා ඉපදුනා හා සමානයි තමයි.
සමාජයේ යම් කොට්ඨාසයක් “Sex Workers” නමින් trans gender පුද්ගලයන්ව හංවඩු ගහනවා නේද?
මුලින්ම මට අහන්න ඕනා කාරණාවක් තමයි, sex worker කෙනෙක් වෙන එක වැරදී දෙයක්ද? අදාල sex worker තමන්ගේ කැමැත්තෙන් අදාළ කාර්යයේ නිරත වෙනවා නම්, ඊට අදාළ සේවාව ලබා ගන්නත් කට්ටිය ඉන්නවා නම්, එය සෞඛ්‍ය ආරක්ෂිත නම් ඇයි අපි ඒ කාරණාව ගැන ප්‍රශ්න කරන්නේ? දෙවැනියට අහන්න තියෙන්නේ, trans gender පුද්ගලයන් විතරමද sex works කරන්නේ, එහෙම නැහැ නේද? තෙවනුව හිතන්න, තමන්ගේ අනන්‍යතාවය නිසාම රැකියා වල නිරත වීමේදී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ පුද්ගලයා කොහොමද තමන්ගේ එදනෙදා වියදම් පියවා ගන්නේ. ඔය හංවඩු ගහන කිසිම කෙනෙක් ඒ පැත්තෙන් හිතලා තියෙනවාද?
ඔබේ සමීපතමයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොයිවගේද?
ඔවුන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඒ ලැබුනු ආදරය තවත් මගේ ජිවිතය ආලෝකමත් කලා. සමීපතමයන්ගෙන් පමණක් නෙවෙයි, මුළුමහත් ප්‍රේක්ෂක ජනතාවගේම ආදරය දිනා ගන්න මම වාසනාවන්තියක් වුනා කියලා කියන්න පුළුවන්.
ඕනෑම පුද්ගලයකුට ජිවත් වීමේ අයිතිය තිබෙනවා, වගේම ජිවත් වීමේදී සීමා මායිම් තමා විසින්ම නේද දාගෙන තියෙන්නේ?
අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකුට ජිවත් වීමේ අයිතියක් තියෙනවා. ඇත්තෙන්ම හුගාක් සීමා මායිම් තියෙන්නේ බහුතර සමාජයේ කාලයක් තිස්සේ පෙන්වනු ලැබූ ජීවන රටා සැලකිල්ලට අරගෙන. ඉතින් ඒ සිමා මායිම් වල ඇත්තෙන්ම කිසිදු ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට කාන්තාවක් විදියට මම ජිවත් වන සමාජයට ගැලපෙන යම් යම් සීමා මායිම් දාගෙන ඉන්නවා. මෙතනදී අපිට අමතක වුනු සිදුවීමක් තමයි, හැමෝම බහුතර සමාජයට අයිති වෙන්නේ නැහැ. අපි ඒ සුළුතරයින්ගේ ජීවන රටාව පිළිගන්නවා වෙනුවට මොනවාද කලේ? ඔවුන්ව හංවඩු ගැහැව්වා, ඔයාලා වැරදියි කියලා. ඉතින් අද සමාජය විසින් මෙම trans gender කියලා LGBQT ප්‍රජාවට අයිතිවාසිකම්, ජිවත් වීමේ නිදහස නැති වන ප්‍රධානතම හේතුව තමයි මේ.
හොර්මෝන විපර්යාසයන්ට මුහුණ දෙන ඕනෑම පුද්ගලයකු දීර්ඝකාලීනව ඖෂධ භාවිතා කල යුතුයි නේද?
ඔව් අනිවාර්යයෙන්ම trans gender කෙනෙක් හොර්මෝන ප්‍රතිකාර කරන්නේ නම් එය ජිවිත කාලයටම භාවිතා කල යුතුයි.
ඔබ ආ ගමන් මග ආපසු හැරී බලද්දී ඔබට තෘප්තිමත් විය හැකිද?
ඔව් මම බින්දුවෙන් ජිවිතය පටන් ගත්ත මම, මහ පාරේ යන්න එන්න තැනක් නොමැතිව ඉබාගාතයේ ඇවිදින ජීවිතයකට තමයි මම උරුමකම් කීවේ. අද මම රටක්, ලෝකයක් බබළන තරුවක් බවට පත්වෙලා ඉන්නවා ඒ ගැන මම නිහතමානී ආඩම්බරයක් අත්විඳීනවා. මඩ ඇතුලෙන් පිපෙනා නෙළුමක් මෙන් සමාජයේ පිළිගැනීමට, ආදරයට, කරුණාවට මාව පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාව යොදා ගන්නවා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගන්න හුදෙක් මෙය තමන්ගේ පෞද්ගලික වාසි තකා නොව, අනාගත පරම්පරාවට නිදහස් ජිවිතයක් තනා ගන්නට තැනූ පාලමක් කියා කිව්වොත් මම නිවැරදියි.’
ඔබගේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කලොත්……….
දැනට මම පුංචි තීරයේ සහ රිදී තීරයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී මගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න මම හිතාගෙන ඉන්නවා. ඒවගේම fashion shows වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනා LGBTQ Plus ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මගේ කාලය, ශ්‍රමය බොහොමයක් කැප කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සමාජයට පොදුවේ දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවාද?
මට කියන්න තියෙන්නේ සියල්ලෝම ඇට, මස්, ලේ නහර වලින් සැදුම් ලත් විශ්වයේ කොටස්කරුවන්. සෑම පුද්ගලයකුට තමන් කැමති විදියකට, අනුන්ට හිරිහැරයක් නොවී ජිවත් වෙන්න අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් අපි මේ අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුයි.
ෂමිලා ප්‍රසංගනී ප්‍රනාන්දු
Photographer | Ravindu Lakshan Photography
Retoucher | RL Post Production
Talent | Reena Silva
Dressed By | Darshana Bridal House