
ඉතින්, යොහානී, කොහොමද මේ දවස්වල වල ගෙවන ජීවිතය?
මේ දවස්වල ඉතින් මම රගපෑමේ කටයුතු වල නිරත වෙන අතර ඉගෙනීමේ කටයුතුත් සමබරව කරගෙන යනවා.
ඔබ ඉතාමත් කුඩා වයසකදීම මිනිසුන් අතර ජනප්‍රිය තරුවක් බවට පත්වුනා එහෙම නේද?
මම මේ ක්ෂේත්රයට එන්නේ හූගාක් පුංචි වයසේදී. නාලන් මෙන්දිස් මහත්තයාගේ ‘ “අංගනාවෝ ටෙලිනාට්‍යය, ඒවගේම මීට කලින් මම සිරස නාලිකාවේ විකාශනය වුනු ‘පුංචි පැංචි’ වැඩසටහන මෙහෙව්වා, මේක තමයි මගේ මූලාරම්භය. දැන් දැන් තමයි අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන යන්නේ.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන සදහන් කලොත්?
පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්, මම රංගනය සහ ඉගෙනීම් කටයුතු, හැමදේම හොදින් balance කරගෙන පවුලේ අයගේ සහයෝගය ඇතිව ජිවිතයට හොදින් මුහුණ දෙනවා.
ඕනෑම ගැහැණු දරුවකුට මව තරම් යෙහෙළියක් ලොවේ කොතැනකවත් නොමැති තරම්ය. එහෙනම් අපි “අම්මා” ගැන මතක් කලොත්?
ඕනෑම ගැහැණු ළමයෙකුගේ පිටුපසින් මවක් අනිවාර්යයෙන්ම සිටිනවා. එය කාටත් පොදුයි. අම්මා තමයි මගේ මේ ක්ෂේත්රයට උපරිම සහයෝගයක් ලබා දෙන්නේ. ඇය රංගනය ක්ෂේත්රයෙන් කවදාහරි මම ඉදිරියටම යන්න ඕනෑ කියන එක තමයි ඇයගේ සිහිනය, නිතීරිතී නැතිවම නොවෙයි.
මේ වෙද්දී ඔබ රංගනයෙන් දායක වුනු සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ මොනවාද?
මම මේ වෙද්දී චිත්‍රපට 10ක් සහ ටෙලිනාට්‍ය 12 ක් කරලා තියෙනවා. චිත්‍රපට ගැන කතා කලොත් ඇහැළේපොළ කුමාරිහාමි, ආලෝකඋදපාදී, සිංහයා, පුංචි අන්දරේ, නිහඩ සෙවණැලි, Happy Birthday, අලි කතාව වැනි චිත්‍රපට සදහන් කරන්න පුළුවන්. ටෙලිනාට්‍ය ගැන කතා කලොත් සිහින ගෙනෙනා කුමාරියේ, අංගනා, රාවණා, අදුන් ගිර වැනි ටෙලිනාට්‍ය සදහන් කරන්න පුළුවන්.
ඔබට රංගනයෙන් දායකවීමට තවමත් නොලැබුණු එහෙත් කැමැත්තක් තිබෙන චරිතයක් තියෙනවාද?
මම හුගාක් විවිධත්වයෙත් යුතු චරිත රගපාලා
තියෙනවා. නමුත් මට එක චරිතයක් කියලා කියන්න බැහැ. මම හැම චරිතෙකටම ආදරෙයි. මම මොනවගේ කෙනෙක් කෙනෙක් වුනත් හැම මිනිසකුටම එක සමාන ආදරයක් දක්වනවා. ඒවගේම මට ලැබෙන හැම චරිතයක්ම මම ආදරයෙන් බාර ගන්නවා. එහෙම මේ චරිතය තමයි මට ඕනා, කියන මතයේ මම නැහැ.
ජීවිතයට පැමිණි අභියෝග මොනවාද?
මගේ ජිවිතයට නම් අභියෝග හුගාක් ඇවිල්ලා තියෙනවා. මගේ පුංචි වයසට මගේම පවුල් පසුබිමින් පැමිණි ප්‍රශ්න, ඒවත් එක්කම සමාජයෙන් පැමිණි ප්‍රශ්න, ඒ සියළුම ප්‍රශ්නත් එක්ක මම හුගාක් අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. ඒ හැමදේම සුබවාදීව තමයි මම හිතන්නේ.
යොවුන් අවදියේ සිටන තරුණීයක් විදියට ආදරය ගැන දැනෙන, හැගෙන දේ?
ආදරය ගැන කිව්වොත් ආදරය හැමෝටම අවශ්‍ය දෙයක්, හැබැයි කුමන වයසකදී ආදරය කලත්, නිවැරැදි පුද්ගලයා ජීවිතයට හමුවුනොත් හොදයි. මම නම් තාම ආදරය හොයන්න යන්නේ නැහැ දැන්, මොකද මට නිවැරදි පුද්ගලයා හමුවුනේ නැතිනම්, මගේ වයසත් එක්ක සහ මගේ වැඩකටයුතුත් එක්ක ආදරය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. දැනට මම නිරත වෙලා ඉන්න වැඩ කටයුතු ටික කරගෙන, ආදරය අවශ්‍ය කාලයේදී එය focus කරගෙන, හොද හෝ නරක භාර ගන්න පුළුවන් විදිහට තමයි ආදරය කරන්න ඕනා කියලා මම හිතන්නේ.
ඔබ Fashion වලට කැමැත්තක් දක්වනවා නේද?
මම Fashion වලට ලොකු කැමැත්තක් දක්වනවා. හැබැයි Fashion කරද්දී මගේ යම් යම් සීමා තියෙනවා. Fashion වලට තියෙන කැමැත්ත නිසාම මම Clothing Brand එකක් දැනට කරගෙන යනවා . එහිදි මට නොගැලපෙන Fashion තියෙනවා නම්, මම ඒක අනික් අයට අන්දවලා බලනවා ගැලපෙනවාද කියලා, ඉන්පසු ඒ අයව photo shoots කරනවා. ඇත්තෙන්ම මම හුගාක් Fashion වලට කැමති කෙනෙක්, මට නොගැලපුනත් එය තවත් කෙනකුට අන්දවලා සතුටු වෙන්න පුළුවන් නම්, ඒක තමයි Fashion කියන්නේ. තෝරා බේරා ගෙන තමන්ට සුදුසු, ගැලපෙන Fashion කරනවා නම් තමයි හොද.
සුරතල් සතුන්ට විශේෂ කැමැත්තක් දක්වනවා නේද?
මම සතුන්ට හුගාක් කැමතියි, සුරතල් සතුන් කියලා වර්ගීකරණය කරන්න බැහැ. මම ඒ අය ගැන හොදින් අධ්‍යයනය කරනවා. ඔවුන් සමග කාලය ගත කිරීමත් හරිම සුන්දරයි.
ෂමිලා ප්‍රසංගනී ප්‍රනාන්දු
Bhumi Wickramasinghe Photography
Dress by : Salon Hiruni & sarees
Outfit Designer : CR Clothing by Chamari
Nails: dilanmo nails