“මේක තමයි ජීවිතය” ටෙලි වෘතාන්තයේ ශලනි චරිතය හරහා අපට සමීප වූ ඈ නමින් ආක්ෂා ප්‍රනාන්දු.ඇය ඇගේ ජීවිතයට බලපෑමක් කළ චරිතයක් ගැන පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුණා.
මගේ ජීවිතේ රඟපෑමට පෙළඹීමක් කළ කෙනෙක් තමයි මහේෂි මධුශංකා,
මම පාසල් යන කාලයේ ඉඳලම යාළුවෝ මට කියනවා මම ඇය වගේ කියලා. ඒ දවස්වල ඇය චායා නාට්‍යයේ රඟපෑම් කටයුතුවල නිරත වෙනවා. මගේ යාළුවෝ මට චායා කියලා කතා කරනවා, ඔයා චායා වගේ කියලා කියනවා. මට තරමක් ඇයට සමාන පෙනුමක් තිබෙනවා. නමුත් ඇයම වගේ විය යුතුයි කියලා කටයුතු කරන්නේ නැහැ. මම මගේ විධියට කටයුතු කරනවා. නමුත් ඇය මම බොහොම කැමැති චරිතයක්. මට රඟපෑමට ආසාවක් ඇති වීමට ඇය ලොකු හේතුවක් වුණා.
තවම මට ඇය හමුවෙකා නැහැ. මට තවම ඇයව හමුවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් මම හිතනවා මේ වෙද්දි කවුරුන් හෝ ඇයට මගේ ෆොටෝ එකක් යවලා මං ගැන කියලා ඇති. ඇයව හමුවෙන්න ලැබුණොත් බොහොම සතුටුයි.

