ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාළිකාව විසින් සංවිධානය කරන ලද “ලිට්ල් චෑම්ප්ස් – 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රීලාංකේය දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණියට දුරකතනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇයට සිය සුබපැතුම් පිරිනමා ඇත.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකේය දැරියක ඉන්දීය රියැලිටි තරගයක ජය හිමි කරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබා දුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇය වෙත සුබපැතුම් පණිවුඩයක් ද යොමු කරනු ලැබ තිබෙන අතර එසේ ම දැරිය දුරකතනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශීර්වාදය පළ කළේ ය.
