ශ්රී ලංකා රුපියල් කෝටි 59කට (ඉන්දීය රුපියල් කෝටි 15කට) තක්සේරුවී සිටි තුන් ඉරියව් ක්රීඩක හර්දික් පාණ්ඩ්යා පැය දෙකක් තුළ රුපියල් කෝටි 69කට (ඉන්දීය රුපියල් කෝටි 17.5කට) අලෙවි වෙයි. පාණ්ඩ්යා මෙතෙක් ක්රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මාරුවීමේදී සිදුවූ මුදල් ගනුදෙනුව පැය දෙකකින් නිමාවට පත්ව තිබේ. මේ මුදලට අමතරව වෙනම ස්ථාන මාරු ගාස්තුවකට ද එකඟ වී ඇති අතර, එයින් සියයට 50ක් හර්දික්ට සහ ඉතිරි සියයට 50 ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබා දීමට තීරණය කර ඇත. මෙම ස්ථාන මාරු ගාස්තුව කොපමණද යන්න අනාවරණය කර නොමැත.
පෙරේදා පස්වරු 5.25 ට පමණ හර්දික් පාණ්ඩ්යා නිදහස් නොකරන බව ඔහු මෙතෙක් සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පවසා සිටිය ද, ඊට පැය දෙකකට පසු එනම් පස්වරු 7.25ට හර්දික් මුම්බායි කණ්ඩායම මිලදී ගත් බව නිවේදනය විය.
30 හැවිරිදි හර්දික් පාණ්ඩ්යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගැනීමේදී මෙතෙක් කණ්ඩායමේ සිටි ජොෆ්රා ආචර් (කෝටි 8) සහ තවත් ක්රීඩකයින් කිහිපදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්කොට තිබීම විශේෂත්වයකි.